ජපානයේ ඔසාකා නුවර පැවැති ලෝක මලල ක්රීඩා තරගාවලියේ කාන්තා මීටර් 200 තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සුසන්තිකා ජයසිංහ සමත් වූවා ය. ඒ සඳහා ඇයට ගත වූ කාලය තත්පර 22.63 කි. ප්රථම ස්ථානය (රන් පදක්කම) දිනා ගත් අමෙරිකා එක්සත් ජනපදයේ ඇලිසන් ෆීලික්ස්ට ගත වූ කාලය තත්පර 21.81 කි. දෙවන ස්ථානය (රිදී පදක්කම) ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් (තත්පර 22.34) විසින් දිනා ගන්නා ලදි.









